මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර අද සිට

Share Button

මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහැර අද ඇරඹේ ලබන 29 වැනිදා දක්වා කුඹල් පෙරහර විදී සංචාරය කරයිලබන 30 වැනිදා සිට අගෝස්තු 03 වැනිදා දක්වා රන්දෝලි පෙරහර විදී සංචාරය කිරීමට නියමිතයි අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන්නේ අගෝස්තු 03 වැනිදායි ලබන මස 04 වැනිදා දහවල් පෙරහර පවත්වා ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව මෙවර ඇසල පෙරහර මංගල්‍යය නිමාවට පත් වෙයි එදින පස්වරුවේ දියවඩන නිලමේවරයා සහ සිව් දේවාල බස්නායක නිලමේවරුන් පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සදහන් සංදේශය මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීමට නියමිතයි
මෙවර ජනතා සහභාගිත්වයෙන් තොරව පෙරහර පැවැත්වෙන බැවින් ඒ පිළිබඳව සජිවි තොරතුරු ගෙනඒමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සුදානමින් සිටී කඳුරට සේවය ගෙන එන ඇසල විසිතුර විකාශය මෙවර ද ප්‍රචාරය කෙරේ මේ මස 30 වැනිදා සිට රන්දෝලි පෙරහර පිළිබඳව එක් එක් විෂයන්ට අදාලව ප්‍රවින සම්පත් දායකයින්ගේ සහභාගිත්වයෙන් සජිවි වැඩසටහන් ප්‍රචාරය කෙරෙනු ඇත එෆ් එම් 90 යි දශම 1 එෆ් එම් 107 යි දශම 3 එෆ් එම් 107 දශම 5 ඔස්සේ ඇසල විසිතුර විකාශයට සවන්දිය හැකිය එමෙන්ම එස් එල් බී සී ඇප් සහ රේඩියෝ ගාර්ඩ්න් ඇප් යන යෙදුම් ඔස්සේ ද මෙම විකාශය සමග එක්විය හැකිය

ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ 5 වන දිනය අදයි එම පෙරහර ද මහජන සහභාගිත්වයකින් තොරව පැවැත්වේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ආරම්භ වන පෙරහර බුද්ධ මන්දිරය අෂ්ඨ ඵල බෝධිය හා මහ දේවාලය ප්‍රදක්ශිනා කිරීමෙන් අනතුරුව ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව පිටවීදිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගමන් කරයි එහිදී චිරාගත පුද සිරිත් ඉටු කිරීමෙන් අනතුරුව ප්‍රධාන වීදිය ඔස්සේ පැමිණෙන පෙරහර මහ දේවාලයට ගෙවැදීමෙන් අද පෙරහර නිමාවට පත් වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *