ඇමෙරිකාවේ නිවියෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමග ශ්‍රී ලංකා මහ බැංකුව ගිවිසුමකට

Share Button

අවශ්‍ය අවස්ථාවලදී එක්සත් ජනපද ඩොලර් ද්‍රවශිල අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගැනීමේ මුලාශ්‍රයක් ලෙස ඇමෙරිකාවේ නිවියෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමග ශ්‍රී ලංකා මහ බැංකුව ගිවිසුමකට එලඹ තිබේ විදේශිය සහ අන්තර්ජාතික මුල්‍ය අධිකාරින් සදහා වු එක්දින ප්‍රතිති මිලදී ගැනීම් පහසුකමක් ලෙස මෙය ශාස්ත්‍රිය වශයෙන් හැදින්වෙයි ලොව බොහෝ මහ බැංකු සිය කෙටි කාලීන ඩොලර් ද්‍රවශිල අවශ්‍යතා වෙනුවෙන් මෙම පහසුකම භාවිතා කරයි කොවිඩ් නයින්ටීන් හේතුවෙන් ඇතිවී ඇති අවිනිශ්චිත තත්ත්වයන්ට මුහුණදීමේ සැලසුම්වල කොටසක් ලෙස මෙය සිදුකර ඇත මෙහිදී ප්‍රති මිලදී ගැනීම් ගිවිසුමට යොදවා ඇත්තේ විදේශ විනිමය සංචිතය ඇතුලත් ඩොලර් බිලියනයක් පමණ වටිනා භාණ්ඩාගාර බැදුම්කර ප්‍රමාණයකි එමගින් අවශ්‍ය අවස්ථාවලදී මහබැංකුවට ඩොලර් බිලියනයක් දක්වා අරමුදල් සපයා ගැනීිමට පහසුකම් ලැබේ ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ප්‍රති මිලදී ගැනීම පහසුකම පියවා දැමු විට ඇමෙරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව උකස් කළ බැදුම්කර නැවතත් මෙරටට නිදහස් කරනු ඇත එසේ වුවිට මහබැංකු සංචිතයේ කිසිදු වෙනසක් සිදු නොවේ මෙතෙක් කිසිදු ණය ගැනීමක් සිදු කර නොමැත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11