ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගංවතුරින් ලක්ෂ 15 ක පිරිසක් පීඩාවට

Share Button

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයෝ 10 දෙනෙක් මරණයට පත්ව තවත් ලක්ෂ 15 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති. එම ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 11 කට මෙම ආපදා තත්ත්වය බලපා තිබේ. මේ අතරින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ දර්බංගා දිස්ත්‍රික්කයටයි. එහි පුද්ගලයෝ පන්ලක්ෂ 36 දහසක් අවතැන්ව සිටිති. මුසාෆර්පූර් දිස්ත්‍රික්කයේ ලක්ෂ 2 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති. මුදා ගැනීමේ මෙහෙයුම් සදහා ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් 17 ක් සහ ප්‍රාන්ත ආපදා කළමනාකරණ බලකායේ කණ්ඩායම් 8 ක් යොදවනු ලැබ සිටිති. පුද්ගලයින් 14 දහස් 11 දෙනකු මේ වනවිට සහන කඳවුරු 26 ක රඳවා ඇතැයි ප්‍රාන්ත ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11