බ්‍රිතාන්‍යයේ තරබාරුව මැඩලීමට ජාතික ක්‍රියාන්විතයක්

Share Button

බ්‍රිතාන්‍යයට මහත් අර්බුදයක් ගෙනදී ඇති තරබාරුව මැඩලීමේ ජාතික ක්‍රියාන්විතයක් ප්‍රකාශයට පත්කර තිබේ.ඒ අනුව ක්‍ෂණික ආහාර වර්ග පිළිබඳ දැන්වීම් නියමිත කාල පරාසයක් තුළ ප්‍රචාරය කිරීම තහනම් කර ඇත. එමෙන්ම එකක් ගත්විට එකක් නොමිලේ යන සංකල්පය ද අත්හිටුවීමට නියමකර තිබේ. මෙවැනි දැන්වීම් රුපවාහිනි හෝ ගුවන් විදුලි මාධ්‍ය තුළ පළ කළ හැක්කේ රාත්‍රි 9.00 න් පසුවය. එම ආහාරවල අඩංගු ද්‍රව්‍ය පිළිබඳව සොයා බැලීමට රජය මගින් විශේෂ නිලධාරි කණ්ඩායමක් ද යොදවනු ලැබේ. කොරෝනා වෛරස් සමය තුළ බ්‍රිතාන්‍යයේ තරබාරුව තවත් ඉහල ගොස් තිබේ. ඉදිරියේදී තරබාරුව මැඩලීම සදහා රජයේ ප්‍රමුඛ අවධානය යොමු කිරීමට තීරණය කර ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11