මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ තුන්වන දිනය අදයි
මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ තුන්වන දිනය අදයි. අනිද්දා තෙක් කුඹල් පෙරහර පැවැත්වේ.පලමු රන්දෝලි පෙරහර 30 වැනිදා සිට ආරම්භ වෙයි. අවසන් මහ රන්දෝලි පෙරහර ලබන මස 03 වැනිදා පැවැත්වේ. දෙවන කුඹල් පෙරහරේ සිට අවසන් කුඹල් පෙරහර දක්වා දියවඩන නිලමේවරයා වෙනුවට සතර මහා දේවාලවල බස්නායක නිලමේවරු ගමන් කරති. ඒ අනුව ඊයේ මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා වන ගයාන් හීන්කෙන්ද මහතා ඊට එක්විය. අද තුන්වන කුඹල් පෙරහරට එක්වන්නේ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා වන මහේන්ද්‍ර රත්වත්තේ මහතාය. පෙරහර ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරින් තුන්දහසක් පමණ යොදාවා තිබේ. පෙරහර ගමන් කරන මාර්ගයට පස්වරු 3.00 න් පසු රථවාහන ඇතුල් කිරීම තහනම්ය. වෙළෙඳසැල් ද වසා දැමේ