වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය අලෙවියට

Share Button

වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදිත ටොන් 30 ක පළමු කඩදාසි තොගය ලබන බ්‍රහස්පතින්දා කොළඹදී අලෙවි කරන බව ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා කියයි. ඇමති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදුකෙරේ. පසුගිය ජනවාරී මාසයේ මුල්වරට නිරීක්‍ෂණ කටයුතු සදහා පැමිණෙද්දී අබලන් ගොඩනැගිලි සහිතව ජල විදුලි පහසුකම් අහිමිව ප්‍රධාන කඩදාසී නිෂ්පාදන යන්ත්‍ර දෙකම අක්‍රියව තිබු කම්හලේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවු බවද සභාපතිවරයා සදහන් කරයි. ඉදිරියේදී නව යන්ත්‍රසුත්‍ර යොදා ගනිමින් නවතම මුද්‍රණ කඩදාසී වර්ග සහ බෝඩ්වර්ග නිපදවා මෙරට කඩදාසී අවශ්‍යතාව සම්පුර්ණ කිරීම ජාතික කඩදාසි සමාගමේ අරමුණයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11