ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන මස 28 වැනිදා

Share Button

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන මස 28 වැනිදා ඇරඹේ. ඊයේ රැස්වු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව ඒ සදහා අනුමැතිය දුන්නේය. සැප්තැම්බර් 20 වැනිදා දක්වා ක්‍රිඩාංගන හතරකදිී තරගාවලිය පැවැත්වීමට නියමිතයි. තරගාවලියට ඇතුළත් වන සමස්ත තරග සංඛ්‍යාව 23 කි. කණ්ඩායම් පහක් තරගාවලියට සහභාගි වෙයි. දෙස් විදෙස් ක්‍රිඩකයෝ 70 දෙනෙක් පමණ ඊට ඇතුලත් වෙති.

====

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ලෝක කුසලාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන බ්‍රහස්පතින්දා ඇරඹේ. පලමු තරගය අයර්ලන්තය හා එංගලන්තය අතර සවුත්හැමිල්ටන් හිදී පැවැත්වේ. මෙම කණ්ඩායම් දෙක අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට නියමිතයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තරගාවලිය ආරම්භ කිරීම මාස කිහිපයකින් පමා විය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පුර්ණ සාමාජික රටවල් 12 ක් හා නෙදර්ලන්තය තරගාවලියට ඇතුලත් වෙයි.ත 2023 දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීම සිදු කෙරෙන්නේ මෙම තරගාවලියෙනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *