ගුවන් විදුලි සංස්ථාවේ නව ශබ්දාගාරයෙන් ඔබේ නව නිර්මාණ සදහා අවස්ථාව

Share Button

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශය නව හැරවුම් ලක්‍ෂයක් සනිටුහන් කරමින් සංස්ථා වාදක මණ්ඩල නව පරිශ්‍රය අද විවෘත කෙරිණි. සංගීත අංශයේ නවීකරණ රාශියක් සිදුකරමින් සංගීත ක්‍ෂේත්‍රයේ ඉදිරි සාර්ථක වැඩපිළීවෙලක් සදහා අඩිතාලම අද දැමු බව ජාතික ගුවන් විදුලියේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා සදහන් කළේය. මීට සමගාමීව ගුවන් විදුලි සංස්ථාවේ 5 වන මැදිරියේ නව ශබ්ධා ගාරයක්ද ආරම්භ කර තිබේ. එමගින් නව නිර්මාණකරුවන්ට විශාල ඉඩකඩක් ලබාදෙමින් ගීත නිර්මාණ වාර්තා වැඩසටහන් චිත්‍රපට ආදී නිර්මාණ සංස්ථාවේ වාද්‍ය ශිල්පීන් සහ අලංකරණ ශිල්පීන්ගෙන් ප්‍රමිතිගතව සිදුකර ගැනීමට හැකියාව පවතී. 0112 694 851 හෝ 0112 675 650 යන දුරකථන අංකවලට ඇමතීමෙන් එම පහසුකම් ලබාගැනීමට හැකිය. ඔබේ නව නිර්මාණ විශ්වාසයෙන් ප්‍රමිතිගතව සාර්ථකව සිදුකර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව ශබ්දාගාරයට පිවිසෙන ලෙස ඇරයුම් කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *