පසුගිය සති හය තුළදී ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළට

Share Button

පසුගිය සති හය තුළදී ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසස් මහතා සදහන් කළේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා හදිසි කමිටු රැස්වීමක් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන බවයි. ඉකුත් ජනවාරි මස 30 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් නයින්ටිීන් මහජන සෞඛ්‍ය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ලබන බ්‍රහස්තින්දා වන විට ඒ සදහා මාස හය සම්පුර්ණ වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ මේ වන විට ලොව පුරා මිලියන 16 ක් කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වී ඇති බවයි. ලොව පුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව හයලක්ෂ හතලිස්දහස ඉක්මවා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11