ජනතාවගේ ගැටලු හදුනාගෙන විධිමත් සැලැස්මකින් කොළඹ සංවර්ධනය කරන බව ජනාධිපතිතුමා කියයි

Share Button

ජනතාවගේ ප්‍රධාන ගැටලු හදුනාගෙන විධිමත් සැලැස්මක් අනුව කොළඹ සංවර්ධනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.නිවාස හිගය, කසළ බැහැර කිරිමේ දුෂ්කරතා සහ ජල ගැලීම් ජනතාව මුහුණ දි ඇති ගැටලු කිහිපයකි. ඒවාට විසදුම් දෙමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වි සිටින අපේක්ෂකයින්ගේ ජයග්‍රහනය තහවුරු කිරිම උදෙසා කොළඹ දිස්ත්‍රික්කයේ පැවැති ජනහමු කිහිපයකදි එතුමා මේ බව කිවේය.මොරටුව ප්‍රදේශයට විශාල ප්‍රශ්ණයක් වි ඇති පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර කඩිනමින් අවසන් කර දෙන ලෙස ජනතාව ලුනාව කලපුව අසල පැවැති ජනහමුවේදි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. ඇමති බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම නාගරික උද්‍යානයේ සංවිධානය කර තිබු ජනහමුවට ද ජනාධිපතිතුමා එක්විය. හෝමාගම රෝහලේ අඩුපාඩු පිලිබදව ද අවධානය යොමු කෙරිණි. රටට වැඩකිරිම සදහා තුනෙන් දෙකක බලයක් ඇති පාර්ලිමේන්තුවක් ලබාදෙන්නැයි ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. නුගේගොඩ  දෙහිවල  අත්තිඩිය  පිළියන්දල  මහරගම  බෝමිරිය  හංවැල්ල  කොස්ගම සහ අවිස්සාවේල්ලේ පැවැති ජනහමුවලට ද ජනාධිපතිතුමා ඊයේ සහභාගිවිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *