මහනුවර ඇසල මහ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද රාත්‍රියේ

Share Button

මහනුවර ඇසල මහ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද රාත්‍රියේ විථි සංචාරය කරයි. ප්‍රථම රන්දෝලි පෙරහර හෙට පැවැත්වේ. හෙට පස්වරු 6.49 ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාභිමුඛව පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි. ශ්‍රී දළදා මාළිගාවෙන් පිටත් වන රන්දෝලි පෙරහර දළදා වීදිය  ඩී  එස් සේනානායක වීදිය. පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදීය, ඊ. එල් සේනානානයක වීදිය. කොටුගොඩැල්ල වීදිය ඔස්සේ රජ වීදීයට පැමිණ රජ වීදියෙන් ඉහළට ගමන් කර ශ්‍රී දළදා මාළිගයට ගෙවදීමට නියමිතයි.
හෙට සිර පුරා දින 05 ක් රන්දෝලි පෙරහර විථි සංචාරය කරයි. එය ලබන සදුදායින් අවසන් වෙයි. ලබන අගහරුවාදා සිව්මහ දේවාල මුලික කරගනිමින් දිය කැපීමේ මංගල්‍යය පැවැත්වෙයි. එදින දිවා පෙරහර පවත්වා ගෙවැදීමෙන් අනතුරුව මෙවර ඇසල පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ
ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ 9 වැනි දිනය අදයි. අද පස්වරුවේ යෙදෙන සුබ මොහොතින් පෙරහර වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි අප වාර්තාකරු පවසයි. අද උදෑසන 4.30 සිට දහවල් 12.30 දක්වා කාලය බැතිමතුන්ට කතරගම මහ දේවාලයේ පුජාවලට සහභාගීවීමට අවස්ථාව සලසා දී තිබුණි. බැතිමතුන් සෞඛ්‍ය නීතීරිතිවලට අනුකුලව පුදපුජාවල නිරත වු ආකාරය දක්නට ලැබුණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11