ජනාධිපති කුසලාන පාපන්දු තරගාවලිය ලබන මස 09 වැනිදා ඇරඹේ

Share Button

ජනාධිපති කුසලාන පාපන්දු තරගාවලිය ලබන මස 09 වැනිදා ඇරඹේ.තරගාවලියට කණ්ඩායම් 20 ක් සහභාගී වෙයි. ජාතික සංචිතයට දක්‍ෂ ක්‍රිඩකයන් හදුනා ගැනීම සදහා ක්‍රිඩා සමාජවලට නව අත්දැකීමක් ලැබෙන තරගාවලියක් ලෙස මෙය පැවැත්වෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. තරගාවලියේ නිල ලාංඡනය එළිදැක්වීම එහිදී සිදුවිය. මාධ්‍ය හමුවට එක්වු පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා පැවසුවේ කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තරගාවලිය පැවැත්වෙන බවයි.ප්‍රේක්ෂකයන් නොමැතිව එය පැවැත්වෙන අතර සියලු තරග කොළඹ තුරගතරග පිටියේදී සහ සුගතදාස ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. අවසන් මහ තරගය ලබන මස 31 වැනිදා පැවැත්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11