හෙට දහවල් තෙක් ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර ප්‍රජාවට අවවාද

Share Button

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදි නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවිමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර. සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇතිවිය හැකිය. උතුර. උතුරුමැද. වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකිය දකුණු පළාතෙත් පොළොන්නරුව සහ මාතලේ දිස්තික්කවලත් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමිටර් 60 ත් 70 ත් දක්වා තද සුළං ඇතිවිය හැකිය. ඇතැම් විට නායයාම් සිදු විය හැකිය. පහත් බිම් ජලයෙන් යටවිී මාර්ග අසල විශාල ගස් ගැලවී යාහැකි බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. හෙට දහවල් තෙක් ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර ප්‍රජාවට අවවාද කෙරේ. මන්නාරම සිට හලාවත කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමිටර් 60 ත් 70 ත් දක්වා ඉහල යනු ඇත. එම මුහුදු ප්‍රදේශ ඉතා රඵ වෙයි. තද වැසි නිසා අතිරේක ආහාර බෝග වගා කර ඇති භුමිවල ජලය බැස යාමට කානු පද්ධතිය නිසි පරිදි නඩත්තු කරන්නැයි ජාතික කෘෂිකර්ම හා තොරතුරු සන්නිවේදන මධ්‍යස්ථානය ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11