දුම්කොළ සමාගමේ ශූද්ධ ලාභය රුපියල් මිලියන 8868 කින් ඉහළට

Share Button

2016 – 2018 අතර කාල සමයේ මෙරට දුම්වැටි අලෙවිය අඩුවුවද දුම්කොළ සමාගමේ ශූද්ධ ලාභය රුපියල් මිලියන 8868 කින් ඉහළ ගොස් තිබේ. රජය දුම්වැටි මිල වැඩි කිරීමේ මුදලින් සියයට 45 ක ප්‍රමාණයක් එම සමාගමට ලැබීම ඊට හේතුව බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙවත් ඇඩික් ආයතනය පවසයි. එම ආයතනයේ විධායක කමිටු අධ්‍යක්‍ෂ සුමුදු සුමනසේකර මහතා කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ පසුගිය වසර 5 තුළ දුම්කොල බදු නිසිපරිදි අය කර නොගැනීම හේතුවෙන් රජයට රුපියල් බිලියන සියයකට ආසන්න මුදලක් අහිමිවී ඇති බවයි. මෙරට සමස්ත බදු ආදායමෙන් දුම්වැටි සහ මධ්‍යසාරවලින් රජයට ලැබෙන්නේ සියයට 12 ක මුදලක් පමණක් බව ඒ මහතා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11