අමෙරිකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව එක්ලක්‍ෂ 50 දහස ඉක්මවයි

Share Button

කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ මියගිය සංඛ්‍යා එක්ලක්‍ෂ 50 දහස ඉක්මවයි. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යා ලේඛණ අනුව එම සංඛ්‍යාව එක්ලක්‍ෂ 50 දහස් 34 ක් බවට පත්වී ඇත. ඉකුත් ජුනී 02 වැනිදා අමෙරිකාවේ අසාදිත මරණ සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවා ගියේය. ප්‍රාන්ත 23 ක මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තාවේ. පසුගිය දිනවල දහසකට අධික මරණ සංඛ්‍යාවක් එරටින් දෛනිකව වාර්තා විය. අමෙරිකාවෙන් මේ වනවිට හදුනාගෙන ඇති මුලු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 44 ලක්‍ෂ 14 දහස් 834 ක් වන අතර ලොවපුරා වාර්තා වන මුලු ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 69 ලක්‍ෂ 40 දහස් 174 කි. ලොවපුරා මරණ 6 ලක්‍ෂ 64 දහස් 748 ක් වාර්තාවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11