ඡන්දදායකයන්ගෙන් සියයට 90 ක් පමණ ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ කුමන පක්ෂයකට ද යන්න තීන්දු කර අවසන් – සුසිල් ප්‍රේමජයන්ත

Share Button

මහ මැතිවරණයේ අවසන් සතිය වනවිට රටේ ඡන්දදායකයන්ගෙන් සියයට 90 ක් පමණ ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ කුමන දේශපාලන පක්ෂයකට ද යන්න තීන්දු කර අවසන් බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මැතිවරණයක් අභියස එක්සත් ජාතික පක්ෂයේ බෙදීම එම පක්ෂයට මෙන්ම සමගි ජනබලවේගයේ ඡන්ද පදනමට විශාල බලපෑමක් එල්ල කර ඇතැයි ඔහු පැවසීය.
මෙම මාධ්‍ය හමුවට එක්වු කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සදහන් කළේ ප්‍රසිද්ධ රුපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ආර්ථික විද්‍යාව පිළිබඳ වැරදි අර්ථකථනයක් සමාජගත කර ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11