මහ මැතිවරණයේදී මුස්ලිම් ජනතාව නිවැරදි තීන්දුවක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි

Share Button

මෙවර මහ මැතිවරණයේදී මුස්ලිම් ජනතාව නිවැරදි තීන්දුවක් ගෙන පොහොට්ටුව වටා එක්වනු ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහනුවර දවුලගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ විවිධ මතිමතාන්තර හේතුවෙන් පසුගිය කාලයේ මුස්ලිම් ජනතාව දුරස්බවක් දැක්වුවද මෙවර මැතිවරණයේදී ඔවුන් නිවැරදි තිීන්දුවකට එනු ඇති බවයි. මුස්ලිම් ජනතාව වෙනුවෙන් වැඩිම සේවයක් කළ ආණ්ඩුව වන්නේ තමන්ගේ ආණ්ඩුව බවද අග්‍රාමාත්‍යවරයා කීවේය. තම රජය කිසිදු අවස්ථාවක ජාති ආගම් භේද මුල් කරගෙන කටයුතු නොකළ බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා අප අදහන බුදුදහමට අනුව එවැනි දෙයක් සිදුකළ නොහැකි බවද පෙන්වා දුන්නේය. මෙම රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රි එම්. එස්. එම්. සාෆි මහතා අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කරමින් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11