මත් උවදුර හා පාතාලය මැඩපවත්වා ඵෙතිහාසික උරුමය හා අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බවට ජනපතිගෙන් ප්‍රතිඥා

Share Button

මත් උවදුර හා පාතාලය මැඩපවත්වා ඵෙතිහාසික උරුමය හා අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ශ්‍රීි ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහා දෙවන දිනටත් ගම්පහ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටින එතුමා කැලණිය රජමහා විහාරස්ථානය අභියස පැවති ජනහමුවක දී අද මේ බව සදහන් කළේය. අපේක්ෂක නීතිඥ සිසිර ජයකොඩි මහතා එම ජනහමුව සංවිධාන කර තිබුනි. ප්‍රදේශයේ සංවර්ධනය අරමුණු කරගත් දසවැදැරුම් කැළණි ප්‍රකාශය සිසිර ජයකොඩි මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. ජනතාවගේ ගැටඵවලට අවධානය යොමුකළ ජනාධිපතිතුමා ඓතිහාසික කැළණියට හිමි පෞඩත්වය සුරැකෙන සංවර්ධන ක්‍රියාදාමයකට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මහාචාර්ය පුජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය දිනේෂ් ගුණවර්ධන ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු සහ අපේක්ෂ ප්‍රසන්න රණවීර වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අපේක්ෂක නලීන් ප්‍රනාන්දු මහතා ජාඇල නගරයේ සංවිධාන කළ ජනහමුවකට ජනාධිපතිතුමා එක්විය. ගම්පහ නගරයේ සියලු ඇලමාර්ග ප්‍රතිසංස්කරණය කර ගංවතුර පාලනයටත් ජාඇල නගර සංවර්ධනයටත් පියවර ගන්නා බව එතුමා කීවේය. අපේක්ෂක ලලන්ත ගුණසේකර මහතා කටාන ආඩිඅම්බලම ප්‍රදේශයේ සංවිධාන කළ ජනහමුවකට එක්වු ජනාධිපතිතුමාට රැස්ව සිටි ජනතාව මහත් හරසර පුද කළහ. වැඩමකර සිටි මහා සංඝරත්නය රජයේ සෞභාග්‍යයේ ගෙවත්ත වැඩසටහන ඉතා ඉහලින් අගය කළහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11