ගමින් ගමට ගොස් ජනතාව හමුවි ගැටලු වලට විසදුම් දිමේ නව සංකල්පය හදුන්වා දුන් ජනාධිපතිතුමාට ජනතා ප්‍රණාමය

Share Button

ගමින් ගමට ගොස් ජනතාව හමුවි තම ගැටලු වලට සවන් යොමු කර ඊට විසදුම් දිමේ නව සංකල්පය හදුන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව ප්‍රණාමය පුදකරති. ජනරැලි වෙනුවට ආදේශ කල නව සංකල්පය මුදල් නාස්තිය මෙන්ම බැනර් කටඅවුට් සහ පෝස්ටර් ආදියෙන් පරිසරයට වන හානිය ද පිටුදකි. ජනාධිපතිතුමා සැබැ තතු අවබෝධ කරගැනිමත් බොහෝ ප්‍රශ්ණ වලට එසැන විසදුම් ලැබීමත් මහත් අස්වැසිල්ලක් බව ජනතාව පවසති. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැදි සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරගැනිම සදහා දෙවන වරටත් ගම්පහ දිස්ත්‍රික්කයේ ඊයේ චාරිකාවක නිරත වු ජනාධිපතිතුමා හමුවේ ජනතාව මේ බව පැවසුහ. මීගමුව කලපුව හා කඩොලාන විනාශය නවතා කලපුව සංවර්ධනය කර දෙන ලෙස ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා ිසිටියහ. හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා මිගමුව වැල්ලපිටිය ක්‍රිඩාංගනයේ සංවිධානය කල ජනහමුවකදි ජනතාව මෙම ඉල්ලිම ඉදිරිපත් කලහ. අපේක්ෂක ආනන්ද හරිස්චන්ද්‍ර මහතා කටාන ප්‍රදේශයේ සංවිධානය කල තිබු ජනහමුවකද ජනාධිපතිතුමා එක්විය. පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් නයින්ටින් නිසා ගුවන් තොටුපල වසා යැමෙන් කුලි රථ රියදුරන් පත්ව ඇති දුෂ්කරතා සොයා බලන ලෙස එතුමා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට උපදෙස් දුන්නේය. කසල බැහැර කිරිමට නිසි ක්‍රමවේදයක් සකස් කර මුතුරාජවෙල තෙත් බිම ආරක්ෂා කර දෙන්නැයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. උතුරු මැද පලාතේ වකුගඩු රෝගි දිමනාව සියලු පලාත්වලට ව්‍යාප්ත කරන ලෙස එතුමා වෙත යෝජනා කෙරිණ  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පල ප්‍රදේශයේ සංවිද්ධා නය කල ජනහමුවකට ද එතුමා සහභාගිවිය.අපේක්ෂක ලක්ෂ්මන් ගුණවර්ධන මහතා ගම්පහ නගරයෙත් අපේක්ෂක ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා වේයන්ගොඩ නගරයෙත්  ඩ්€ු අපේක්ෂක උපුල් මහේන්ද්‍ර මහතා අත්තනගල්ල ප්‍රදේශයේත් ඩ්€ු අපේක්ෂක මිලාන් ජයතිලක මහතා කිරිදිවැල ප්‍රදේශයේත් . අපේක්ෂක වර්ණන් ගුණරත්න මහතා දෙකටන ප්‍රදේශයෙත් සංවිධානය කර තිබු ජනහමුවලටද ජනාධිපතිතුමා සහභාගිවිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11