ජාතික ගුවන් විදුලියේ අභිවෘද්ධිය වෙනුවෙන් සැලසුම් කර ඇති වැඩපිලිවෙලට ව්‍යාපාරික ප්‍රජාවගේ සහාය අපේක්ෂා කෙරේ

Share Button

මෙරට ජන සමාජයට මහ සංස්කෘතියක් එක්කල ජාතික ගුවන් විදුලියේ අභිවෘද්ධිය වෙනුවෙන් සැලසුම් කර ඇති වැඩපිලිවෙලට ව්‍යාපාරික ප්‍රජාවගේ සහය අපේක්ෂා කෙරේ  මේ සදහා කෙටි මධ්‍ය කාලින හා දිගු කාලින වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව සංස්ථා සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පවසයි  මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයන් වෙනුවෙන් ඊයේ රාත්‍රියේ සංස්ථා පරිශ්‍රයේ සංවිධාන කර තිබු වැයුම් ගීතාව වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කිවේය  සුභාවිත ගීතය ජනතාව අතරට ගෙන යාමට ජාතික ගුවන් විදුලිය කටයුතු කර තිබේ  බිදවැටුනු සංස්කෘතිය නැවත ගොඩ නැංවිම ජාතික ගුවන් විදුලියේ අරමුණ බව සභාපති වරයා පැවසිය  කොරෝනා අර්බුදය හමුවේ ජාතික ගුවන් විදුලිය සිය ජාතික වගකිම මැනවින් ඉටුකල බවද වික්‍රමසිංහ මහතා සදහන් කලේය
මෙම අවස්ථාවට එක් වු ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා පැවසුවේ ජාතික ගුවන් විදුලිය ආරම්භ කරන ජාතික කර්ත්‍යවයට වටිනාකමක් ලබාදිමට එක්වන ලෙස තමා ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කරන බවයි  ජනතාවගේ වේදිකාව ගොඩනැගිමට සහය වන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය සියලු මාධ්‍ය ආයතන වෙත නිදහස ලබාදි තිබේ  සමස්ත භුගෝලිය පද්ධතියම ආවරණ වන පරිදි ගුවන් විදුලිය නාලිකා 13 කින් සමන්විත වෙයි වත්මන් අභියෝග හදුනාගනිමින් ආයතන ව්‍යුහය පුලුල් කිරිමේ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ  ප්‍රමුඛතා දර්ශක වැදගත් නොවන බවත් අනෙකුත් මාධ්‍ය ආයතන සසග තරගයක් නොමැති බවත් චන්ද්‍රපාල ලියනගේ මහතා පැවසිය කොරෝනා අර්බුදය හමුවේ සිය වගකිම ඉටුකල සංස්ථා කාර්ය මණ්ිඩල සාමාජිකයෝ මෙහිදි ඇගයීමට ලක්වුහ  ගුවන් විදුලි වාදක මණ්ඩලය සංගීතවත් කල වැයුම් ගීතා වැඩසටහනට ප්‍රවිණ ශිල්පිහු රැසක් සහභාගිවුහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11