ලෝකයේ වටිනාකම වැඩිම නගර අතර ප්‍රමුඛ නගරයක් බවට මහනුවර පත්කරන බව අගමැතිවරයා පවසයි

Share Button

ලෝකයේ වටිනාකම වැඩිම සංස්කෘතික නගර අතර ප්‍රමුඛ නගරයක් බවට මහනුවර පත්කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහනුවර සෙංකඩගල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා සදහන් කළේ බෝගම්බර බන්ධනාගාරය තිබු ස්ථානයේ හෝටලයක් ඉදිකරන බවට ඇතැමුන් සිදුකරන ප්‍රචාර මුඵමනින්ම අසත්‍ය බවයි. දළදා මාලිගාව අසල මාර්ගය වසා දැමිමට පියවර ගනු ලැබුවේ මස් පිණිස සතුන් ප්‍රවාහනය කිරීම වැළැක්වීමට බවත් එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග ඉදිකර නගරයේ තදබදය අඩු කිරීමට පියවර ගත් බවත් අගමැතිවරයා සදහන් කළේය.බෝගම්බර සිට උමං මාර්ගයක් ඉදිකර මහනුවර මාර්ගයේ වාහන තදබදය අවම කිරීමට ද සැලසුම්කර ඇත.මෙම සියලු සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය ලබාදෙන ලෙස අගමැතිවරයා ඉල්ලා සිටියේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11