තරුණ පරපුර ගොවිතැනට ආකර්ශනය වන කෘෂි ආර්ථිකයක් ගොඩනැගීමට ක්‍රියාකරන බව ජනාධීපතිතුමා පවසයි

Share Button

තරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමුවීම නතර කර ගොවිතැනට ආකර්ශනය වන කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි උසස් තාක්‍ෂණය භාවිතා කිරීමෙන් කුඩා බිම් ප්‍රදේශයක වුවද ඉහළ අස්වැන්නක් ලබාගත හැකිය එවැනි කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම තම ප්‍රතිපත්තිය බව එතුමා කියා සිටී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහා අද මොණරාගල දිස්ත්‍රික්කයේ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කීවේය එතුමා පළමුව තණමල්විල ජාතික පාසල් ක්‍රිඩාංගනයට පැමිණියේය එහිදී ගොඩනැගිලි පානීය ජලය ඇතුඵ අඩුපාඩු කිහිපයක් සපුරා දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ඉටුකර දෙන්නැයි ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නේය තණමල්විල පොදු ක්‍රිඩාංගනයේ පැවැති ජනහමුවට එක් වු ජනාධිපතිතුමාට ජනතාව තම ගැටඵ ඉදිරිපත් කළහ අලි තර්ජනය ඉඩම් ඔප්පු නොලැබීම පොල්කටුවැව ඇල ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ඔව්හු පෙන්වා දුන්හඩ්€ඤු කිරි එළදෙනුන් පැහැරගෙන යාමේ ගැටඵවද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණි වැල්ලවාය කෙලුල්ල බෝධිරාජාරාම විහාරය අසල ක්‍රිඩාංගනයේ පැවැති ජනහමුවේදී සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම පිළිබඳව එතුමාව දැනුවත් කෙරුණි ඉඩම් බලපත්‍ර නොලැබිීම කිරිඳිඔය අසල ඉඩම් ගැටඵව ඇකිලිවැව ද්විතික පාසලේ අඩුපාඩු විදුලි ගැටඵද මෙහිදී ඉදිරිපත් කෙරුණි විදුලි ගැටඵ එසැනින් විසදීමට ජනාධිපතිතුමා ක්‍රියා කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11