හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්

Share Button

හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු අදාල මැතිවරණ නීතිරීති බලාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි ඉන්පසුව උදාවන නිහඩ කාලය තුළදී ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම තහනම්ය එමෙන්ම වතු රැස්වීම් නිවාස තුළ රැස්වීම් පැවැත්වීම ඡන්ද ආයාචනා කිරීම සදහා ගෙයින් ගෙට යාම අත්අපත්‍රිකා බෙදීම ශාඛා කාර්යාලවල ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීම පෝස්ටර් දැන්වීම් බැනර් ප්‍රදර්ශනය කිරීමෙන් වැළකිය සිටිය යුතු යැයි මැතිරවණ කොමිසම කියා සිටි ඉකුත් දිනක පක්ෂ ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවකදී ඔවුන් ඉල්ලීමක් කරමින් සදහන් කලේ කොවිඩ් වසංගත තත්ත්වයේදී මුහුණදුන් සීමා හේතුවෙන් නිවසින් නිවසට ගොස් ඡන්ද ප්‍රචාරක කටයුතු කිරීමට ලබන 03 වැනිදා තෙක් අනුමැතිය ලබාදෙන ලෙසයි එහෙත් පවතින නීතිමය බාධා විවිධ පාර්ශ්ව වෙතින් එල්ලවු විරෝධතා මෙය පුර්වාදර්ශයක්වීමේ අවදානම අගෝස්තු 03 වැනිදා පොහොය යෙදීම හේතුවෙන් ආගමික කටයුතුවලට බාධා ඇතිවීම එදින ඡන්ද මධ්‍යස්ථාන සැකසිම ඡන්ද රාජකාරි සහ පොලිස් නිලධාරින් මැතිවරණ රාජකාරි සදහා කැදවීම නිසා ඇතිවන ආරක්ෂක ගැටඵ පදනම් කර ගනිමින් නියමිත පරිදි හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ නීති බලාත්මක කෙරෙනු ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *