ලෝකවාසි ඉස්ලාමිය බැතිමතුන් මහත් භක්තියෙන් හා ගෞරවයෙන් ඊදුල් අල්හා හෙවත් හජ් උත්සවය සමරනු ලැබේ

Share Button

නබි ඊබ්‍රාහිම්තුමන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙවියන් වෙනුවෙන් කළ විශිෂ්ඨ කැපකිරීම් සිහිපත් කරමින් ලෝකවාසි ඉස්ලාමිය බැතිමතුන් මහත් භක්තියෙන් හා ගෞරවයෙන් ඊදුල් අල්හා හෙවත් හජ් උත්සවය සමරනු ලැබේ මුඵ ලොවම වේලාගෙන ඇති කොවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ මෙවර සුපුරුදු පරිදි මක්කම වන්දනා කිරීමට මුස්ලිම් ප්‍රජාවට නොහැකි වුවත් එකී වන්දනාව තුළින් පිලිඹිබු වන අල්ලා දෙවිදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහි කරමින් සාමාකමි සහජීවනයේ උදයෝගය තවදුරටත් වර්ධනය කර ගැනීමට අද දවස උපකාරි වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හජ් උත්සවය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි මෙරට මුස්ලිම් ප්‍රජාවට සිය ආගමික වතාවත්හි නිරතවීමට අවශ්‍ය සියලු පහසුකම් රජය සලසා ඇතැයි එතුමා කියා සිටිඩ්€ඤු ශුද්ධවු කුරානයේ ඉගැන්වීම් අනුව අතීතයේ පටන් සෙසු සියලු ආගමිකයන් සමග සමගිව විසු මෙරට මුස්ලිම් ප්‍රජාව අනාගතයේදී ද දේශයේ අභිවෘද්ධිය සදහා සිය දායකත්වය ලබාදෙනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කරයි

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ අර්බුදකාරි තත්ත්වයක යහ ක්‍රියාවන්හි යෙදි හජ් උත්සවය සමරන මුස්ලිම් ජනතාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් එක් කරයි සෞඛ්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් මෙවර හජ් උත්සවය චාම් අයුරින් සැමරීමට සිදුවී තිබේ මෙම වසංගත තත්ත්වය ලොවින් තුරන් කිරීමට සියලු දෙනා සහයෝගයෙන් සහ අදිෂ්ඨානයෙන් ක්‍රියාකළ යුතු යැයි අගමැතිවරයා කියා සිටි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11