දිවයින පුරා පිසිආර් පරික්ෂණ එක්ලක්ෂ හැටදහසකට ආසන්න සංඛ්‍යාවක් සිදුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි

Share Button

දිවයින පුරා පිසිආර් පරික්ෂණ එක්ලක්ෂ හැටදහසකට ආසන්න සංඛ්‍යාවක් සිදුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි ඊයේ පමණක් එම පරික්ෂණ 1350 ක් සිදුකර තිබේ මේ වන විට මෙරටින් කොව්ඩ් නයින්ටින් ආසාදිතයන් 2814 දෙනෙකු වාර්තාවෙයි සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 2391 කි මෙරට රෝගින් සුවවීමේ අනුපාතය දැක්වෙන්නේ සියයට අසුහතරයි දශම නමයයි හතරක් ලෙසිනි එය ගෝලිය වශයෙන් ඉහලම අනුපාත මට්ටමක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි මේ අතර අද උදෑසන කොරෝනා ආසාදිතයින් පනස්අටදෙනෙකු සුවය ලබා පිටව ිගොස් ඇත ඉන් 6 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධානයනය වුවෝ වෙති සෙසු අය දේශියව හදුනාගත් පුද්ගලයින් බව කොවිඩ් නයින්ටින් පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි වන විට පුද්ගලයන් විසිඅටදහස් හත්සිය අනුදෙදෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත ගොස් තිබේ අද වනවිට ත්‍රිවිධ හමුදාවේ මධ්‍යස්ථාන 33 ක පුද්ගලයෝ එක්දහස් අටසිය හැටහයදෙනෙක් නිරෝධායනය වෙමින් සිටිති මේ අතර ඊයේ රාත්‍රි ඩුබායි සහ දෝහා සිට පැමිණි 355 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇතැයි එම මධ්‍යස්ථානය සදහන් කරයි දැනට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුප්ථාපන මධ්‍යස්ථානයට අදාලව කොවිඩ් ආසාදිතයෝ 600 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටිති ඉන් හාරසිය අසුදෙදෙනෙක් රැදවියෝ වෙති තවත් 66 දෙනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයෝ වෙති 46 දෙනෙකු එම පවුල්වල ආශ්‍රිතයන් බව එම මධ්‍යස්ථානය සදහන් කරයි කොවිඩ් නයින්ටින් ආසාදිතයෙකු අද උදෑසන හදුනාගෙන තිබේ ඔහු කන්දකාඩු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ සමීපතමයෙකු බවට හදුනාගෙන ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11