ඡන්දය පාවිච්චි කරන ආකාරය පිලිබදව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරුණු පැහැදිලි කරයි

Share Button

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රි 12 න් අවසන්වෙයි පසුගිය ජුනි මස 10 වැනිදා සිට හෙට දක්වා දින 52 ක කාලයක් ප්‍රචාරක කටයුතු සදහා ලබාදි තිබේ මුද්‍රිත මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය මෙන්ම සමාජ මධ්‍යයද හෙට රාත්‍රි 12 සිට සියලු ප්‍රචාරක කටයුතු නතර කල යුතුයඩ්€ඤු මුහුණු පොත යු ටියුබ් බොහොමයක් පවතින්නේ විදේශ රටවලයි ලොව කිසිදු රටකට එවැනි සමාජ ජාලා පාලනය කල නොහැක එබැවින් ඒවා පවත්වාගෙන යන අය අනිසි ප්‍රචාර ලබාදිමෙන් වලකින ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලිමක් කරයි ජාතික ගුවන් විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට අද එක්වෙමින් සභාපතිවරයා මෙම අදහස් පලකලේය නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයට මෙවර මැතිවරණයේදි ඡන්දය පාවිච්චි කල නොහැක නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වි සිටින පුද්ලයන්ට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ අධික්ෂණය යටතේ ඡන්දය ලබාදිමට ඡන්ද පොලට පැමිණිය හැකිය මෙහිදි ඡන්දය පාවිච්චි කරන ආකාරය පිලිබදව අදහස් දැක්වු මහින්ද දේ්ශප්‍රිය මහතා තමන් කැමති පක්ෂයේ හෝ කැමැති ස්වාධින කණ්ඩායම ඉදිරියේ ප්‍රථම කතිරය ගැසිය හැකි බව කිවේය අනතුරුව තමන් කැමති 3 දෙනෙකුට මනාපය පල කල හැකිය මනාප එකක් හෝ දෙකක් දිමට ද අවස්ථාව පවති මනාප 3 කට වඩා ලකුණු කලහොත් එම ඡන්දය අවලංගුවෙයි ඡන්ද ප්‍රත්‍රිකාවේ කිසිවක් සලකුණු නොකලහොත් එය ද අවලංගුවෙයි කතිරය පැහැදිලි නැතිවුවහොත් එයද අවලංගු වීමට හේතුවකි
මහ මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම සදහා ඡන්දදායකයින් තම අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වේ ඒ අනුව ඡන්දදායකයා සතුව ජාතික හැදුනුම්පත වලංගු විදේශ ගමන් බලපත්‍රය වලංගු රියදුරු බලපත්‍රය රාජ්‍ය සේවා විශ්‍රාමික හැදුනුම්පත වැඩිහිටි හැදුනුම්පත හෝ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ පුජ්‍ය පුජක හැදුනුම්පතක් තිබිම අනිවාර්ය වෙයි ආබාධිත අයෙක් වේනම් ග්‍රාමනිලධාරි වෙත ගොස් පෝරමයක් පුරවා ඡන්ද පොල වෙත ගොස් එහි සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ සහය ඇතිව ඡන්දය සලකුණු කල හැකිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11