කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය නැංවිමේ වැඩසටහනක්

Share Button

තේ දථ අස්වැන්න ඉහළ නංවමින් කුඩා තේ වතුහිමියන්ගේ ආර්ථිකය නැංවිමේ වැඩසටහනක් ඇරඹෙයි. ලක්ෂ 5 ක් පමණ වන කුඩා තේවතු හිමියන් අතරින් අක්කරයකට ආසන්න ඉඩම්වල තේ වගාකරන තේ වතු හිමියන් මෙම වැඩසටහනට සම්බන්ධ කරගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා පවසයි. කුඩා තේවතු හිමියන්ගේ ආදායම මේ යටතේ සියයට හතලිහකින් ඉහල නැංවිමට නියමිතය. තේ වගාවෙන් වාර්ෂිකව ලැබෙන රුපියල් බිලියන පන්සිය තිහක පමණ ආදායම රුපියල් බිලියන 700 දක්වා මේ යටතේ ඉහල නැංවිමට බලාපොරොත්තු වන බව හේවාවිතාරණ මහතා වැඩිදුරටත් සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *