ජනතා සහයෙන් මත් උවදුර තුරන් කරන බව අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි

Share Button

ජනතා සහයෙන් මත් උවදුර තුරන් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනතාවගේ එකමුතුවෙන් කොරෝනා උවදුර ද පාලනය කිරිමට හැකිවු බව ගාල්ල ඌරගස්මන් හන්දිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කලේය. අනාගත පරපුර මත් උවදුරෙන් ආරක්ෂා කරගැනිමට හැකියාව ඇති පිරිසක් පත් කර ගැනිම වගකීමක් ලෙස සලකන මෙන් හෙතෙම ඉල්ලා සිටියේය. ගමත් රටත් මත්ද්‍රව්‍ය උවදුරෙන් විනාශ වීම වැලැක්විය හැකි වන්නේ් ජනතා සහයෙන් පමණි. එම සහය හිමිවන්නේ නම් සිය රජයක් යටතේ මත්ද්‍රව්‍යයෙන් තොර රටක් අනාගත පරපුර වෙනුවෙන් නිර්මාණය කිරිමට හැකිවන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේය. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව හා බලපිටිය ඇතුලු ප්‍රදේශ රැසක ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල හා බෙලිඅත්ත ප්‍රදේශවල පැවැති ජනහමුවලට ද අගමැතිවරයා අද එක්විය. රට පුරා පැවැති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනහමු සාර්ථකව පැවැත්විමට සහය වු සැමට මහින්ද රාජපක්ෂ මහතා සිය ස්තුතිය පලකලේය. පොදුජන පෙරමුණේ ශක්තිමත් රජයක් පිහිටුවිමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදෙන බව තමාට විශ්වාස බව හෙතෙම පැවසිය. ඒ සදහා ගාල්ලේ ප්‍රගතිශිලි ජනතාව පොදුජන පෙරමුණට අතිවිශිෂ්ඨ ජයක් ලබාදෙනු ඇතැයි අගමැතිවරයා වැඩිදුරටත් සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *