පානිය ජල ගැටලුවට ඉදිරි අයවැයෙන් විසදුම් දෙන බව ජනාධිපතිතුමා පවසයි

Share Button

දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ පා සිටින පානිය ජල ගැටලුව විසදිමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ගත වු දින කිහිපයේ ජනාධිපතිතුමා රටපුරා කල චාරිකාවේදි ජනතාවගෙන් එතුමාට ඉදිරිපත් වු ප්‍රධාන ගැටලුවක් වුයේ පානිය ජල අවශ්‍යතාවයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ද මේ පිලිබදව සාකච්ඡා කල බවත්. ඒ අනුව ප්‍රමුඛ අවශ්‍යතාවක් සේ සලකා පානිය ජල ගැටලුව විසදිමට විසදුම් සකස් කර ඇතැයි බදුල්ල ප්‍රදේශයේ අද පැවැති ජනහමුවකදි ජනාධිපතිතුමා ප්‍රකාශ කලේය. රෝහිත තිලකරත්න උදිත ලොකුබණ්ඩාර නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු සංවිධානය කල ජනහමුවලට ජනාධිපතිතුමා අද සහභාගි විය.. එම ජනහමුවලට පැමිණි සිටි ජනතාව සමග එතුමා සුහද කතාබහක ද නිරත වුනේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *