ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මවක් දරුවකු බිහි කරයි

Share Button

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වී සිටි මවක් දරුවකු බිහිකරයි. ශ්‍රී ලංකාවෙන් මෙවැනි සිද්ධියක් වාර්තා වන්නේ පළමු වරටයි. මෙම මවයේ දරු ප්‍රසූතියට අදාල සිසේරියන් සැත්කම සදහා වෛද්‍යවරුන් ඇතුඵ කාර්ය මණ්ඩල සාමාජිකයෝ 35 දෙනෙක් සහභාගී වූහ. නැගෙනහිර කොළඹ මූලික රෝහලේදී මෙම සැත්කම සිදු කෙරිණ. ඩුබායි සිට පසුගිය 10 වනදා මෙරටට පැමිණි මෙම ගර්භනී කාන්තාව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබිණ. එහිදී සිදුකල පීසීආර් පරික්ෂණයෙන් ඇය කොරෝනා ආසාදිතයකු බව තහවුරු කර තිබේ. දරුවාගේ ජෛව සාම්පල් මේ වන විට පරික්ෂණ සදහා යොමුකර ඇත.
මේ අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2815 කි. ඊයේ දිනයේදී කිසිදු කොරෝනා ආසාදිතයකු මෙරටින් වාර්තා නොවීය. සුවය ලබා ඇති මුඵ සංඛ්‍යාව 2439 කි. ඊයේ දිනයේදී 48 දෙනෙක් සුවය ලැබූහ.
මේ වන විට ලෝකයේ සමස්ථ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1 කෝටි 79 ලක්ෂ 88 දහස් 703 කි. ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 47 ලක්ෂ හැට දෙදහස් 945 කි. බ්‍රසීලයෙන් ආසාදිතයින් 27 ලක්ෂ හත් දහස් 877 දෙනෙකු වාර්තා වේ. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 17 ලක්ෂ 51 දහස් 919 කි. ලෝකයේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 6 ලක්ෂ 87 දහස් 605 කි. ඇමරිකාවෙන් කොරෝනා මරණ 1 ලක්ෂ 57 දහස් 825 ක්ද බ්‍රසීලයෙන් කොරෝනා මරණ 93 දහස් 563 ක්ද වාර්තා වේ. මේ අතර දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව පන් ලක්ෂ 3 දහස් 290 දක්වා ඉහල ගොස් තිබේ. ඊයේ දිනයේදී පමණක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10 දහස් 107 කි. එරටින් කොරෝනා මරණ 8153 ක් වාර්තා වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *