මහ මැතිවරණයට ප්‍රවාහන පහසුකම් සැලසීම සදහා අමතර බස්රථ සේවා 600 ක්

Share Button

මහ මැතිවරණය සමයේදී ප්‍රවාහන සේවා විධිමත්ව පවත්වාගෙන යාමට වෙනමම සැලැස්මක් සකස් කර ඇතැයි මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි. හෙට දිනයේදී පුර පසලොස්වක පොහොය යෙදී ඇති බැවින් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට දීර්ඝ නිවාඩුවක් ලැබී තිබේ. කොළඹ ඇතුඵ තදාසන්න නගරවල සිට ගම්බිම් බලා යන ජනතාව සදහා අමතර බස් සේවා යොදවනු ලැබ තිබේ. බස්රථ සේවා හයසියයක් ඒ අනුව කොළඹින් පිටත ප්‍රදේශ සදහා යොදවා ඇත. කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව බස්රථවල ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම අනිවාර්ය බවද ඇමතිවරයා කියයි. වෙනමම දුම්රිය සේවා ද මෙම සමයේදී ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *