මෙරට ආර්ථිකයේ නව පරිවර්ථනයක් – සජිත් ප්‍රේමදාස

Share Button

සමගි ජන බලවේගයේ රජයක් යටතේ මෙරට ආර්ථිකයේ නව පරිවර්ථනයක් ඇතිකරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ සදහා ජනතාවට වෙනමම ආර්ථික පැකේජයක් හදුන්වා දෙන බවද ඔහු කියයි. මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ආයෝජනය සහ පරිබෝජනය පිලිබද සැලකිලිමත් වීමෙන් ඉතිරිය පිලිබදව අවධානය යොමුකල හැකි බවයි. රටේ ආර්ථිකය පිලිබද පැහැදිලි වැඩපිලිවලක් ඇත්තේ සමගි ජන බලවේගයට පමණක් බවද ඔහු කියයි. රජයක් පිහිටුවීමෙන් පසු සමගි ජන බලවේගයට එක්වන අයට කිසිදු වරප්‍රසාදයක් හිමි නොවන බවද ප්‍රේමදාස මහතා කියයි. සමගි ජන බලවේගයට එක්වීමට ඇත්තේ තව කෙටි කාලයක් බවද පක්ෂයෙන් බෙදී වෙන්වී ගිය පාර්ශවයන්ට ඔහු දැනුම් දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *