පොදුජන පෙරමුණේ අවසන් ප්‍රචාරක රැලි තංගල්ලේදී

Share Button

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් මහා රැලි හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවල අද පැවැත්වෙයි. තිස්ස නගර සභා ක්‍රිඩාංගනය ලුණුගම් වෙහෙර බස් නැවතුම්පල සුරිය වැව සතිපොල හම්බන්තොට වෙරළ උද්‍යානය අම්බලන්තොට ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගනය පරණ සංස්කෘතික භුමි පරිශ්‍රය බෙලිඅත්ත ප්‍රාදේශිය සභා රථගාල හා තංගල්ල නගරයේ රථගාල ඇතුලු ස්ථානවල ඒවා පැවැත්විමට සැලසුම් කර ඇත. අග්‍රාමාත්‍යවරයා සහභාගි වන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අවසන් රැස්විම අද පස්වරු 4 30 ට මාතර වැලිගමදි පැවැත්වෙයි.

ඕනෑම ගැටඵවකට සාධාරණ සාකච්ඡාමය විසදුමක් ලබාදීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වරාය සේවකයින්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඊයේ ගාල්ල හිනිදුම ප්‍රදේශයේ පැවති ජන හමුවේදී අදහස් දක්වමින් අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ වෘත්තිය ක්‍රියාමාර්ගවලට එලඹිමට පෙර සාකච්ඡා කොට තීරණයක් ගැනීමට සේවකයින් කටයුතු කල යුතු බවයි. වෘත්තිය ක්‍රියාමාර්ගවලට එලඹිය යුත්තේ සාකච්ඡාමය විසදුමක් නොලැබුණහොත් පමණක් බවද අගමැතිවරයා අවධාරණය කළේය. මේ අතර ගාල්ල බලපිටිය මහජන හමුවේදීද අග්‍රාමාත්‍යවරයා අදහස් පල කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *