ඩොලර් හාරලක්‍ෂ 69 දහසක මුදලක් විදේශ රවටලින් ලැබුණු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

Share Button

රුපියල් කෝටි 38 කට වැඩි බැංකු ගිණුම් හා ඩොලර් හාරලක්‍ෂ 69 දහසක මුදලක් විදේශ රවටලින් ලැබුණු සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙ. රුපියල් කෝටි 7 කට වැඩි මුදලක් කොළඹ පෞද්ගලික බැංකුවකින් ලබාගැනීමට පුද්ගලයන් තිදෙනෙකු ක්‍රියාකරන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඉකුත් 31 වැනිදා පස්වරුවේ හෙරොයින් සමග පුද්ගලයන් තිදෙනෙකු සහ මෝටර් රථයක් අත්අඩංගුවට ගැනුණි. ඔවුන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයන් හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇත. බත්තරමුල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මොවුන්ට අයත් නොවන තවත් පුද්ගලයන් 5 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත රුපියල් කෝටි 31 කට වැඩි මුදලක් සහ ඩොලර් හාරලක්‍ෂ 69 දහසට වැඩි මුදල් ලැබී ඇති බව අනාවරණය කරගෙන තිබේ. සැකකරුවන් දින 7 ක් රදවාගෙන ප්‍රශ්න කරනු ලැබේ.
බන්ධනාගාර ගතව සිටින දෙමටගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු ග්‍රුන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී ජීව අත්බේාම්බයක්ද සොයාගෙන ඇත. ශාන්ත කුමාර නොහොත් ගොනා ශාන්ත ලෙසද මොහු හදුන්වයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *