මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 130 ක බහුතර බලයක් – බැසිල් රාජපක්‍ෂ

Share Button

මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 130 ක බහුතර බලයක් ලබාගන්නා බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණයෙන් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාවෙන් හරි අඩක්වත් දෙවන ස්ථානයට පත්වන පක්‍ෂයට ලබාගත නොහැකි බවයි. පවතින ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් හදුන්වා දියයුතුය. එහිදී මැතිවරණ ක්‍රමය විධායක බලතල සහ කැබිනට් අමාත්‍යවරුන් පත් කිරිම ආදී කරුණු සම්බන්ධයෙන් නිවැරදි නිර්නායක කෙරෙහි අවධානය යොමුකරන බවද බැසිල් රාජපක්‍ෂ මහතා සදහන් කළේය. එක්සත් ජාතික පක්‍ෂය මෙවර මහ මැතිවරණයේදී පැහැදිලි පසුබෑමක් පෙන්නුම් කරනු ඇත. දෙමල ජාතික සන්ධානයට දිස්ත්‍රික්ක 3 ක බලය හිමිවන බවත් ඉතිරි සියලු දිස්ත්‍රික්කවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවන බවත් බැසිල් රාජපක්‍ෂ මහතා සදහන් කළේය. යහපාලන රජය රට අස්ථාවර කළේය. එබැවින් සංවර්ධිත රටක් ගොඩනැගීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර රටේ ජනතාව තුනෙන් දෙකක බහුතර බලයක් දීම අනිවාර්යයෙන්ම සිදුවන බවද ඔහු සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *