ගත වූ සිව් වසරකට අධික කාලයේ රට ආපස්සට ගිය බව අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි

Share Button

ගත වූ වසර හතර හතරකට අධික කාලයේ රට ආපස්සට ගිය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අවශ්‍ය වන්නේ රට සංවර්ධනය කිරිමේ වැඩපිලිවෙළ අඛණ්ඩව ක්‍රියාවට නැංවිම බව මාපලගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අගමැතිවරයා ප්‍රකාශ කළේය එතුමා වැඩ කිරිමට සුදානම් බව හෙතෙම අවධාරණය කළේය. වරාය සේවකයින් වැඩ වර්ජනයකට යොමුවිම පිළිබඳව කණගාටුව පළ කරන බව ද රාජපක්ෂ මහතා පැවසිය. මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරිමට ක්‍රියාත්මක බලවේග පිළිබඳ සෙවිමට සිදුවන බව ද බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසිය.
ඉකුත් ජනාධිපතිවරණයේදී ප්‍රකාශ වු ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යන ඡන්ද ප්‍රතිශතයක් මෙවර මහමැතිවරණයේදී ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදෙන බව හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.ජනාධිපතිතුමා ඉකුත් කෙටි කාලය තුළ ක්‍රියාකළ ආකාරය පිළිබඳ ජනතා ප්‍රසාදය ඉහළ ගොස් තිබේ.කොරෝනා වංසගතය සාර්ථකව මැඩලීම. තරුණ තරුණියන් ලක්‍ෂයකට සහ සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමට පියවර ගැනීම  මාර්ග කිලෝමිීටර් ලක්‍ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරිම.පානීය ජල පහසුකම් සියයට සියයක් දක්වා ඉහළ නැංවිමේ ව්‍යාපෘති ඊට බලපා ඇතැයි ඔහු කියයි.
ප්‍රජාතන්ත්‍රවාදය රටේ ස්ථාපිත කළ හැකි එකම කණ්ඩායම සමගි ජන බලවේගය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ යහපත් දැක්ම ක්‍රියාත්මක කළ හැකි අවංක පිරිසක් සිටින්නේ සමගි ජන බලවේගය තුළ පමණක් බව රත්මලානේ අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේය. මාධ්‍ය නිදහස  පොලිස් සේවයේ ස්වාධීනත්වය සහ ස්වාධීන අධිකරණ ක්‍රියාවලිය තවදුරටත් රටතුළ ශක්තිමත් විය යුතු බැවින් ඒ සදහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වැදගත් බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *