සිව් මහා වාණිජ නගර අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය එක් කරන බව ජනාධිපතිතුමා පවසයි

Share Button

සිව් මහා වාණිජ නගර අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය එක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.කොළඹ  යාපනය සහ ත්‍රිකුණාමලය  සිව් මහා වාණිජ නගර වලට අයත් සෙසු නගර වන අතර ආර්ථික කොරිඩෝව නිර්මාණය කර ජාත්‍යන්තර වෙළෙඳපල හා තරග කරන රටක් ගොඩනගන බව එතුමා අවධාරණය කරයිඩ්€ඤු මෙම නගරවල වරාය සහ ගුවන් තොටුපල කේන්ද්‍ර කර ආර්ථික කොරිඩෝව නිර්මාණය කෙරේ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිම පිණිස හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසිය   පානීය ජල ගැටඵවට සහ වන අලි තර්ජනයට විසදුම් ලෙස විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන බව ලුණුගම් වෙහෙර බස් නැවතුම්පළ භූමියේ පැවති ජනහමුවකට එක්වෙමින් එතුමා පැවසිය  ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට මහා සංඝරත්නය ආශිර්වාද පළ කළහ  අගමැති මහින්ද රාජපක්ෂ අමාත්‍ය චමල් රාජපක්ෂ   නාමල් රාජපක්ෂ හා අජිත් රාජපක්ෂ යන මහත්වරු මෙම ජනහමුවට එක්ව සිටියහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *