මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර හා රුහුණු මහා කතරගම දේවාලයේ අවසන් පෙරහර අදයි

Share Button

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කරයි. දළදා මාලිගාව අභියසින් රාත්‍රී 7.14 ට පිටත් වන පෙරහර දළදා වීදිය  යටිනුවර වීදිය   කන්දේ වීදිය හා ඩී එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහලට පැමිණ ගෙවැදීමට නියමිතය. හෙට අලුයම දේවාල පෙරහර ගැටඹේ දිය කපනා තොටට ගොස් දිය කැපුම් මංගල්‍යය සිදු කිරීමෙන් පසු දහවල් පෙරහර පැවැත්වීමෙන් මෙවර පෙරහර මංගල්‍යය අවසන් කෙරේ.
රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහර ද අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ. එය නැරඹිමට බැතිමතුන්ට අවස්ථාව හිමි වන බව දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසීය. පෙරහර මංගල්‍යය ආරම්භ වු පසුගිය 21 වැනිදා සිට පෙරහර නරඹන්නන්ගෙන් තොරව පැවැත්වුනි.කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත පෙරහර නැරඹීමේ අවස්ථාව බැතිමතුන්ට උදාකර දී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *