ඡන්දය පාවිච්චි කිරීමේ පුරවැසි අයිතිය සහතික කරන්නැයි ආගමික නායකයෝ ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිති

Share Button

මහ මැතිවරණයේදී ඡන්දය හිමි සෑම පුරවැසියෙකුම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය භාවිතා කරන්නැයි ආගමික සමුඵව ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටි. දුෂිතයන්ට ඡන්දයදීමෙන් වළකින්නැයි ද එම ආගමික නායකයෝ ඉල්ලා සිටිති. එම් සී සී ගිවිසුමට අත්සන් කරන්නේදැයි පිළිබඳව දේශපාලන පක්ෂ පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුය.ගල්අගුරු බලාගාර ව්‍යාපෘති ද එම ආගමික සුමඵව ප්‍රතික්ෂේප කරයි. දේශපාලන වාසි වෙනුවෙන් ජනතාව අතර ආගම් හා ජාති වශයෙන් විරසක කිරීම් ද එම සමුඵව හෙලා දකි. අතිපුජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමින් වහන්සේ  අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පුජ්‍ය බානගල උපතිස්ස ස්වාමින් වහන්සේ  ශිව ශ්‍රී වයිතීස්වර කුරුක්කල්තුමා  ඩිලෝරාජ් කනගසබේ රදගුරුතුමා  මෞලවි එම් සහීර්තුමා  එබර්නේසර් ජෝශප් දේවගැතිතුමා මෙම ආගමික සමුඵවේ නිවේදනයට අත්සන් තබා තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *