මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයට ජංගම පුස්තකාලයක්

Share Button

ශීෂ්‍යාවක කළ ඉල්ලීමක් ඉටුකරමින් මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයට ජංගම පුස්තකාලයක් පරිත්‍යාග කිරීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරුණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එම විද්‍යාලය ආරම්භ කර වසර 5 ක් ගතවී ඇතත් මෙතෙක් පුස්තකාලයක් නොතිබුණි. සිසුන් 430 ක් පමණ අධ්‍යාපනය ලබන විද්‍යාලයට පුස්තකාලයක් ලබාගැනීම සදහා වසර කිහිපයක් තිස්සේ ඉල්ලීම් කර තිබේ. ඉකුත් ජුලී 05 වැනිදා ජනාධිපතිතුමා මැදිරිගිරියේ කළ සංචාරයේදී විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලබන විනුරී දහම්සා දියණිය පාසලට පුස්තකාලයක් ලබාදෙන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියාය. ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාගේ මැදහත්වීමෙන් මහරගම ඩිපෝව යකඩ සදහා වෙන්දේසී කිරීමට තිබු තට්ටුදෙකේ බස් රථයක් මෙසේ ජංගම පුස්තකාලයකට ගැලපෙන ලෙස අලුත්වැඩියා කෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *