තිහගොඩ ප්‍රදේශයේ රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

Share Button

අද උදෑසන යටියන – මාතර ප්‍රධාන මාර්ගයේ තිහගොඩ – අපරැක්ක ප්‍රදේශයේදි සිදු වූ රිය අනතුරකින් ඇගලුම් කම්හලක සේවිකාවන් දෙදෙනෙකු මියගොස් තිබෙ. වෑන් රථයක් සහ පුද්ගලික බස්රථයක් එකිනෙක ගැටිමෙන් මෙම අනතුර සිදු වී ඇත. මෙම වාහන දෙකම ඇගලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ ඒවා වේ. අනතුරින් වෑන් රථයේ සිටි ඇගලුම් සේවිකාවන් පස්දෙනෙකු සහ බස් රථයේ සිටි ඇගලුම් සේවිකාවන් දෙදෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇත. බරපතල තත්ත්වයේ පසු වු වෑන් රථයේ ගමන්ගත් සේවිකාවන් දෙදෙනෙකු සිද්ධියෙන් මියගොස් තිබෙ. එම දෙදෙනා බෙලිඅත්ත සහ පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියෝ වෙති. අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ හා බස් රථයේ රියැදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරිමට නියමිතයි. තිහගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *