පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි සැක කරන නිලධාරීන් මහා පරිමාණයෙන් එම කටයුතු සිදු කළ ආකාරය අධිකරණයේදී හෙලි වෙයි

Share Button

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැක පිට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනි. පැමිණිල්ල අද කැඳවු අවස්ථාවේදී මෙම සැකකරුවන් 13 දෙනා අධිකරණයට ඉදිරිපත් නොකෙරුනි. අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරුවන් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර අධිකාරිවරයා වාර්තාවක් මගින් දැනුම් දී තිබුනි. පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කළේය. එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති ආකාරය අධිකරණයට පැහැදිලි කළේය. ඒ අනුව මත්කුඩු කිලෝග්‍රූම් 281 යි ග්‍රූම් 500 ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 46 යි ග්‍රූම් 500 ක් මෙම සැකකරුවන් අවභාවිතයට ලක් කර ඇති ආකාරය පැහැදිලි කෙරුනි. අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත රැගෙන එන හෙරොයින් තොග එහි නඩු භාණ්ඩ කාමරයට භාරදීමට පෙර මෙම සැකකරුවන් කිසියම් ද්‍රව්‍යයක් මිශ්‍ර කිරීමක් සිදු කර ඇත. අත්අඩංගුවට ගත් හෙරොයින්වලින් කොටසක් ජාවාරම් කිරීමේ අරමුණින් මෙය සිදු කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල ලෙස මත්ද්‍රව්‍ය ගෙන්වා තිබේ. ඒ පිළිබදව එම ජාවාරම්කරුවන් යටතේ සිටින පිරිස් මෙම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට තොරතුරු ලබාදී ඇති බව හෙලිවී ඇත. එසේ ඔත්තු ලබා දෙන අය සදහා ද මෙම සැකකරුවන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *