ඡන්ද පත්රිකා මිලදී ගත් කණ්ඩායමක් පොලිස් අත්අඩංගුවට
බේරුවල ප්රදේශයේදී ඡන්ද පත්රිකා මිලදී ගත් කණ්ඩායමක් පොලිස් අත්අඩංගුවට පත් විය. මෙම කණ්ඩායම බේරුවල මොල්ලිමලේ ප්රදේශයේදී නිල ඡන්ද දැන්වීම් පත්රිකා රුපියල් 5000 ක මුදලකට ලබාගෙන ඇත. පොලිසිය කළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. නවීන පන්නයේ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. බේරුවල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.