ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කිසිදු කොරෝනා රෝගියකු වාර්තා වී නොමැත

Share Button

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2834 කි.  සුවය ලැබූ සංඛ්‍යාව 2524 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ වන විට වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 299 කි.ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කිසිදු කොරෝනා රෝගියකු වාර්තා වී නොමැත.
මේ වන විට ලෝකයේ කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 1 කෝටි 87 ලක්ෂ හාර දහස් 378 කි.ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 49 ලක්ෂ 18 දහස් 420 කි. බ්‍රසීලයෙන් ආසාදිතයින් 28 ලක්ෂ අට දහස් 76 ක්ද ඉන්දියාවෙන් ආසාදිතයින් 19 ලක්ෂ අට දහස් 254 ක්ද වාර්තා වේ.රුසියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 8 ලක්ෂ 61 දහස් 423 කි. ගතවූ පැය 24 දි පමණක් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 1641 දෙනෙකු හදුනාගෙන තිබේ.
ලෝකයේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 7 ලක්ෂ හාර දහස් 385 කි. ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1 ලක්ෂ හැට දහස් 290 කි. බ්‍රසීලයෙන් කොරෝනා මරණ 96 දහස් 96 ක්ද  මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 48 දහස් 869 ක්ද බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 46 දහස් 299 ක්ද වාර්තා වේ.ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 39 දහස් 820 කි.
මේ වන විට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ මුඵ සංඛ්‍යාව 1 කෝටි 19 ලක්ෂ 25 දහස් 744 කි.ඇමරිකාවෙන් වාර්ථා වන සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 24 ලක්ෂ 81 දහස් 680 කි. බ්‍රසීලයෙන් සුවය ලැබූවන් 19 ලක්ෂ 70 දහස් 767 දෙනෙකුද . ඉන්දියාවෙන් සුවය ලැබූවන් 12 ලක්ෂ අසූ දෙදහස් 917 දෙනෙකුද. රුසියාවෙන් සුවය ලැබූවන් 6 ලක්ෂ 61 දහස් 471 දෙනෙකුද වාර්තා වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *