දේශාපලන පක්ෂයක් පිහිටුවා කෙටි කලක් තුළ පාලන බලය අත්කරගත් අවස්ථාව ලෙස මෙවර මැතිවරණය ඉතිහාස ගතවනු ඇතැයි බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්

Share Button

බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ මැදමුලන ඩී  ඒ  රාජපක්ෂ මහා විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වු ඒ මහතා දේශපාලන පක්ෂයක් පිහිටුවා කෙටිකලක් තුළ රටේ පාලන බලය අත්කරගත් අවස්ථාව ලෙස මෙවර මහ මැතිවරණය ඉතිහාස ගතවන බව සදහන් කළේය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතා අදහස්වලට ගරු කරමින් ගොඩනැගු පක්ෂයකි. රජයක් පිහිටුවීමෙන් පසුවද එම පක්ෂය ජනතා අවශ්‍යතා වෙනුවෙන් පෙනි සිටින බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට මුහුණදුන් ආකාරයටම රට හමුවේ ඇති ආර්ථික ගැටඵවලට ද අලුතින් පිහිටුවන රජය මුහුණදීමට සුදානම්ය.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා යටතේ රටට ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. ලෝකයේ දියුණු රටකවත් නොමැති සෞඛ්‍ය ආරක්ෂිත මැතිවරණ මෙහෙයුමක් මෙරට ක්‍රියාත්මක විය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමටත් සෞඛ්‍ය අංශවලටත් සියලු රාජ්‍ය නිලධාරින්ටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ ජනතාවටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෘතඥතාව පළ කරන බව බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *