රුහුණු කතරගම මහ දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර අද
රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ විදි සංචාරය කරයි. ඒ සදහා සියඵ කටයුතු සුදානම් බව වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පවසයි. අද පෙරහර නැරඹීමට ලක්ෂයකට වැඩි පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් මහ දේවාලයේ වාර්ෂික ඇසල උළෙලේ මහ රන්දෝලී පෙරහරද අද විදි සංචාරය කරයි. අලි ඇතුන් 26 දෙනෙකු . නැටුම් කණ්ඩායම් රාශියක්ද ඊට එක්වෙති.