කුරුණෑගල බුවනෙක හෝටලය කඩාබිද දැමීමේ චෝදනාවට කුරුණෑගල නගරාධිපතිට අධිකරණ වරෙන්තු
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව. නාගරික කොමසාරිස්. විදුලි ඉංජිනේරු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කරයි. මොවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණි. ඒ අනුව පොලිසිය අධිකණයෙන් කළ ඉල්ලීමකට අනුව ලබන සදුදා වන විට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කර තිබේ. පුරා විද්‍යා වටිනාකමක් ඇති කුරුණෑගල බුවනෙක හෝටලය කඩාබිද දැමීමේ චෝදනාවට මෙම පිරිස ලක්ව සිටිති.