ආපදා තත්ත්වය නිසා නීති සතිය දිගු කරයි.

Share Button

ගංවතුර සහ ආපදා තත්ත්වය නිසා නැති වු සහ විනාශයට පත් වු අවශ්‍ය ලියකියවිලි නැවත සකස් කිීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පියවර ගෙන තිබේ.
ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් 27 වෙනිදා අවසන් කිීමට තිබු නීති සතිය ද දී¾ඝ කර තිබේ. එම සංගමයේ සභාපති යු. ආ¾. ද සිල්වා මහතා පවසා සිටියේ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ජනතාවට එම උපදේශන සේවා සඳහා සහභාගී වීමට අපහසු වීම සහ ජල ගැලීම් සහ ගං වතුරට හසුවීමෙන් ජාතික හැතිනුම්පත්. ගුවන් ගමන් බලපත්‍ර. උප්පැන්න සහතික. ඔප්පු ආදී ලේඛන විනාශ වී හෝ අස්ථාන ගත වී ඇති හෙයින් ජනතාවගේ කාලීන අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් නීති සතිය මේ මස 27 වෙනිදායින් අවසන් නොකර ජුනි මාසය දක්වා දී¾ඝ කළ බවයි.
අස්ථානගත වීමට. විනාශ වීමට හෝ බොඳ වීමට ලක්ව ඇති ලිපි ලේඛන නැවත ලබා ගන්නා ආකාරය මෙන්ම බලධාීන්ගේ නොසැළකිලිමත් භාවය හේතුවෙන් සිය වාසස්ථාන ගංවතුින් යටවීමට. විනාශ වීමට ලක්වුයේ නම් ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්නා ආකාරය පිළිබඳව ද ජනතාව දැනුවත් කිීමට නීතිඥ සංගමය සුදානම් අතර ඒ පිළිබඳ 0777 235 363. 0113 133 872. 0113 133 864 යන තිරකථන අංකයන්ට දැනුම් දී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස යු. ආ¾. ද සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *