අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත අමාත්‍යාංශය ව්‍යුහය ප්‍රකාශයට පත්කෙරේ

Share Button

නව අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහය ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කෙරේ. අමාත්‍යංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍ය 40 කින් එය සමන්විතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එය ප්‍රකාශයට පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා හොඹවන අමාත්‍යාංශ ද ඊට අයත්ය. අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාල ආයතන සහ බලපවත්නා නීති හා අණපනත් සඳහන් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කෙරුණේ අද පස්වරුවේය. අමාත්‍යාංශ සකස් කිරීමේදී ජාතික ප්‍රමුඛතා ප්‍රතිපත්තිමය වගකීම් හා කාර්යයභාරය සැලකිල්ලට ගෙන තිබේ. එක් එක් අමාත්‍යාංශයට අයත් පුඑල් කාර්යයභාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනිම සහ අදාල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස්කර ඇත. අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේදී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ක්‍රිඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණ.එම ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂි කාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පැතිකඩ ගනනාවක් ආවරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. සෑම අමාත්‍යාංශයකම විෂය පථය සුවිශේෂී ප්‍රමුඛතා, අදාල ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ලබන බදාදා මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා මාලිකා පරිශ්‍රයේ මගුල් මඩුවේදී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *