බෙදුම්වාදය අන්තවාදය වංචාව මුලාව මුල් කර ගනිමින් දේශපාලනයේ යෙදුනු පක්ෂවලට ජනතාව නිසි පිළිතුරු ලබාදී ඇතැයි ජාතික නිදහස් පෙරමුණ කියයි

Share Button

බෙදුම්වාදය අන්තවාදය වංචාව මුලාව මුල් කර ගනිමින් දේශපාලනයේ යෙදුනු පක්ෂවලට මහ මැතිවරණයේ දී ජනතාව කදිම පිළිුතුරක් ලබාදී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි. මාඵවාට ජලය මෙන් දේශපාලනඥයාට ජනතාව නොමැති වුවහොත් ලැබෙන ඉරණම දේශපාලන වශයෙන් මිය යාම බව එක්සත් ජාතික පක්ෂය දැන්වත් තේරුම් ගත යුතු යැයි ඔහු කියා සිටී. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා වටා එක්වී ඇත්තේ ලක්ෂ 28 ක පමණ ිපිරිසකි. එහෙත් ඔහුට ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 55 ක් ලැබුනි. මෙම තත්ත්වය මත මාස 9 ක් වැනි කාලයකදී ඔහු අතහැර ගොස් ඇති පිරිස ලක්ෂ 27 ක් පමණ වන බව මුසම්මිල් මහතා කියා සිටී. විද්වතුන් සමාජ ක්‍රියාකාරිීන් හා දේශපාලනයට සම්බන්ධ පරිණත පුද්ගලයින් ශ්‍රීි ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට එක් කර තිබෙ.් එහෙත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජාතික ජන බලවේගයට තම ජාතික ලැයිස්තුවේ විද්වතා තෝරා ගැනීමට තවමත් නොහැකි වී ඇතැයි ඔහු පෙන්වා දෙයි. සමගි ජන බලවේගයට ද එම තත්ත්වය උදාවී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *